Pages

Thursday, February 28, 2013

ආදරය සුන්දර වරදකි.


ආදරය සුන්දර වරදකි.

බොහොම කාලෙකට පස්සේ මටත් හිතුනා පේස්ට් එකක් ලියන්න වෙනදා වගේ නෙමේ දැන් ගොඩක් බිසි ඒක නිසා බ්ලොග් වලට ලියනවා තියා රැවුල කපා ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ ඒත් ඉතින් හැම දේම වෙනස් වෙන ලෝකේ බිසි එකටත් නිදහසක් අරගෙන මල් සරා මාමා හොරෙන්ම මටත් විද්දා මල් දුන්නෙන් ඊතල හතර පහක්ම ලෝකය ගැන ගැඹුරු විදියට බලන්න පුරුදු වෙලා හිටපු මටත් උනා නොවැ ඒ කරනා පැත්තකින් තියලා ඔටුවෙක් වෙන්න. සින්හලෙන්ම කියනවා නම් සප්ත මහා සාගරය, කයිලාස කූටය අතරෙ නරියෙක් වෙලා හිටපු මේ මා නැමැති පoචස්කන්දයට ඇ ඉදිරියේ හාවෙක් වෙන්න උනා. කොටින්ම කියනවා නම් මම දැන් පෙම්වතෙක් පිලිවෙලට අදින්න පලදින්න , කතාව බහ විතරක් නෙමේ ගමන් විලසයත් මේකි නොකි සියලුම දෑ දැන් ඉතින් ලතාවකට කරන්න වෙලා. හැම දේම වෙනස් වෙලා. ඇත්තටම දැන්නම් මට හිතෙනවා ආදරය සුන්දරම වරදක් මද කියලා. මොකද ජීවිතය ඔහේ යනකොට වසන්තය මගෙන් දුරස් උනා එතකොට මම වසන්තය මුදල් වලට භාර දුන්නා වසන්තයට මම ලොකු මුදලක් ගෙව්වා. නමුත් පමාවු වසන්තය මාව හොයා ගෙන එනකොට මම ඒක තුරුලු කර ගත්තා. දැන් මම සදාකාලික පෙම්වතෙක් එ ඔබ නිසා ඔබගේ ආදරය නිසා, පැහැදිලිවම මම දන්නවා ඔයාව මගේ කර ගන්න මම ඔනම දෙයක් කරනවා එහෙම වුනොත් ඇත්තටම ආදරය සුන්දරම වරදක් නේද?  

Wednesday, February 13, 2013

වැලන්ටයින් වලට පෙර වදනක්




ආදර වන්තෙයො වැඩියෙන්ම සතුටු වෙන දවසක් තමයි වැලන්ටයින් කියන්නේ බොහොමයක් ආදර වන්තයො වන්තියෝ  මේ වැලන්ටයින් එනකල් ඇගිලි ගැන ගැන ඉන්නේ තමන්ගේ තමුන්ගේ ආදරය ප්‍රකාශ කරන්න, ආදරය කරන්න, ආදරය ලබන්න සහ මේ වටා ගෙතුනු තවත් බොහෝ දේවල් තියනවා. කෙසේ නමුත් මේ වගේ දවසක් ආදරවන්තයන්ට තියන එකත් වරදක් නැහැ. නමුත් අපිට ටිකක් මේ දවසේ භාවිතාව ගැන තව ටිකක් කල්පනා කරන්න ඔනේ කියන එක ගැන නම් සිතන්න වෙනවා. මොකක්ද මේ වැලන්ටයින් යතාර්තය කියන එක, ඇත්තම කියනවා නම් අපිට හෙට දවස දකින්න වෙලා තියෙන්නේ බාල්දු වූ සමාජයක අපකීර්තිමත් ආදර වන්තයෝ විදියට. මොකද අද මෙක තනිකරම රාගය හා වෙලද වටිනාකම් පදනම් වෙලා තියන දවසක් කරන්න බොහෝ දෙනෙක් දායක වෙලා තියනවා.

බොහොම  සුන්දර මෙ ආදරණීය හැගීම ආල වට්ටම් දාලා තවත් සුන්දර කරන එක නම් වරදක් නෑ. නමුත් ඒක එක්කෝ රාගය ආශාව ඉස්මතු කරන විදියට හුවා දක්වන එක කරන්න අද බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. සිoහලෙන්ම කියනවා නම් අපේ ආදරණීය හැගීම අපට පවුද්ගලික දෙයක් මිසක් එක පොදු දෙයක් කර නොගන්න ආදර වන්තයෝ උත්සාහ කරනවා නම් හොදයි. අනෝක් කාරනය තමයි තමුන්ගේ ආදරයේ පිරිවැය මැනීම.  ඇත්තටම කතා කරනවා නම් ආදරයට අද ලොකු පිරිවැයක් දරන්න වෙලා තියනවා. ඒ රෝස මලේ සිට ඉන් එහාට ගිය බිත්ති හතර පවා මේ දිනයේ හොද හොද ගනන් වලට විකිනෙනවා. ආදරය අන්ධයි කියනවා වගේ මේ රතු පාට මලට ලොකු ගානක් ගෙවන්නත් ආදර වන්තයො මේ දිනයට පැකිලෙන්නේ නෑ. නමුත් සරලව කියනවා නම් ආදරය කියන්නේ සිතෙ ඇතිවන පහන් හැගීමක් මිසක් මුදල් වියදම් කරලා ගන්නවත් මුදලින් දෙන්නවත් පුලුවන් දෙයක් නෙමේ.

ඉතින අපි උත්සාහ කරමු මේ එලබෙන ආදරවන්තයන්ගේ දවසෙදි වත් අපේ ආදරය පවුද්ගලිකව ප්‍රකශ කරන්න. ඒවිට ඒක අපේ ආදරය අමරණීය වෙන්න හේතුවක් වෙවි