Pages

Tuesday, September 16, 2014

පුතු ගැන ලියමි මම පොලිසියේ නිල දැරුව

http://blogslt.blogspot.com/

01
හැම මව් කෙනෙක් මෙන්, කුසතුල බර දැරුව
සුමිහිරි අත්දැකීමක් ලැබ බිහි             කෙරුව
දැඩි සෙනෙහසින්, මගේ දෙතනේ කිරි  ඉරුව
පුතු ගැන ලියමි මම පොලිසියේ නිල     දැරුව

02
දසතම දේoකාරය පොඩ්ඩක්              සැරය
ඒකයි නියම පිරිමියෙකුගෙ                 හැටිය
නිතරම සීරුවෙන් ඒ පුහුණුවෙ            හැටිය
මගේ ලොකු පුතා අඩි හයටත් උස      වැඩිය

03
දුටුවම ඇතිවුනත් පොඩ්ඩක්           රාජභය
පැහැපත් තරුනෙක්ය ඔහු හරි      ලස්සනය
මානය නොමැත නැත කිසි        ආඩම්බරය
වැඩිපුර කතා නැත ඒ ඔහුගේ            හැටිය

04
භාෂා කීපයක් කීමට                        ලිවීමට
ඔහු හට හැකි උනා ලොකු උගතෙක් වන්ට
ආවොත් දහ දෙනෙක් ඔහු හා      සටනකට
මගෙ පුතු හපනෙක්ය ඒ හැම        පරදන්ට

05
සමසිත සම මෙතය කාටත් එක     ලෙසය
හැම විට රැක්කේ නීතිය හා         සාමයය
සිය රටටමයි කැප කෙරුවේ          ජීවිතය
මගේ ලොකු පුතා ගැන මට     ආඩම්බරය

06
සුදු අත පිරිසිදුයි නොගනියි   ජරාවය
සුවදයි සිරුර නැත පානය     සුරාවය
මහජනයාය හා ඔවුනගේ    දේපලය
ආරක්ෂා මයි ඔහුගේ             ජීවිතය

07
තහනම ආදරය ගැහැණිය ලගදි      සිගා
කිසිදා පිරිමි නාමෙට නොම කරති නිගා
සසරේ පුරුදු ලෙස පතිනිය වු       ගoගා
නම පමනක් තිබේ හදවත තුල     හoගා

08
දෙවුරට ලැබුනා රන් තරු කැට   දිලිසේය
සුරගන නෙත් පවා ඔහු ලග         නවතීය
රැකගත් පොලිස් උගතුන්ගේ     ගවුරවය
සුදු දත් දෙපලවත් ඔහු නොම   පෙන්වීය

09
තිබුනත් රාජකාරියේ පොඩි පොඩි ගැහැට
රහසක් සේ රකියි පෙන්වාගෙන      සතුට
හැම තප්පරයක්ම වැඩ දායී           ලෙසට
මගේ රත්තරන් පුතු යෙදවූයේ          රටට

10
නිසි තැන, නිසි විලස, නිසි බස්   දෙඩුවට
පිස්ටල් එක අතේ නිතරම        තිබුනාට
මගෙ පුතු ආදරෙයි ලක් වැසි     ජනයාට
හැම දේමත් කලේ ඔබ රැක        ගන්ට

11
සම්බුදු පියත් සුමගට ගන්නට     නන්ද
බොරුවක් කියා රැවටුව හැටි මතකයිද?
වOචා කාරයන් දූෂන               අපරාධ
පොළිසිය මිසක් හදුනා ගත්තේ කවුද?

12
ආලවකයා හා රුදු               අ0ගුලිමාල
මතකද? දහම් ගැට දා කල හැටි මෙල්ල
සම්බුදු පියත් ඒ උත්තම          සුකුමාල
සුමගට ගත්තේ එහෙමයි මිනිසුන් බාල

13
සිව් මහ නිධානෙම දෙරවල්        ඇරලා
"සත්මිණි" වැස්ස මගේ මිදුලේ ගලලාය
එනමුත් හදවතේ රැකගත්       පනසේය
ලොකුපුතු සිහීවෙලා මම නිති හැඩුවාය

14
හිතැතිව කරන විට කටයුතු       විමර්ශන
සූ විසි පැයම ගෙවුනද? ඔබවත් නොදැන
සුපුරුදු විලස නැවතත් සේවයේ යෙදෙන
පිදුවද රටට ඔබේ සුන්දර         නිදියහන

15
පැය විසි හතර තද කරගත්        සපත්තුව
සුදු දෙකකුල් වලට දෙනවද  තෙහෙට්ටුව
සිප ගනිමින් හැදුවෙ පොඩිදා දෙමින් සුව
ලේ මස් ඇට නහර එය යකඩයක් නොව

16
ලස්සන චරිතයට දෙවියන්        වැන්දාද
සුරගන ලියන් නිබ්බුත පද         කිව්වාද
සක්විති රජවේද? නැත්නම් බුදු      වේද
මගෙ ලොකු පුතා මතුදා වන්නේ  කවුද

17
මහජනයා සමග සුහදින් බැදි                 හාද
දිවියම ගෙවන්නේ රට වෙනුවෙන්      නේද
හරි තතු නොදත් අය දොස්          පවරනවාද
මිහිකත එවැනි අය ඔබ              උහුලනවාද

18
ශ්‍රී ලoකා පොලීසිය කරනා                  සේවා
ලොකු පොඩි හැම අයට හරි හැටි වැටහේවා
තෙවරක් ලක් දිවට වැඩි බුදු හිමි          ගාවා
පොලිසියේ දු පුතුන් නිවනින්      සැනසේවා

කවි පබැදුම : සීතා මැණිකේ හේරත්
දැතවවත්ත දීකිරිකෑව

Friday, April 18, 2014

නොයිදුල් නොකැලැල් වත කමලායා

Add caption



නොයිදුල් නොකැලැල් වත කමලායා
සූ සැට බරණින් ඇත සරසායා
මිහි බට සුරගන මැයද? සිතේයා
පතිනිය පති කුලයට පැමිනේයා

රුසිරින් සරු මල්සර පරදායා
නුවණින් ඝනපති හා සමවේයා
දුටු අය හැරි හැරි නැවත බලායා
පතිනිය පති කුලයට පැමිනේයා

තෙරුවන් වැද දෙවියන් පුදලායා
සුමියුරු මව් පදවිය පතලායා
ජය මිණි රජ ගෙයි කිරුල දරායා
පතිනිය පති කුලයට පැමිනේයා

සරසවි කුමරිය තුරුලු කරායා
අත වන වන සිරිකත කැදවායා
සත් මිණී වැස්සක් මිදුලේ ගලායා
පතිනිය පති කුලයට පැමිනේයා

දෙව්ලොව දෙවියන් බිමට බසීයා
පතිණිගේ ගුණ දම් ලොවට කියායා
පතිදම් සුරකින බව දිවුරායා
පතිනිය පති කුලයට පැමිනේයා

ගහ කොල අඩ දින දෙඩමලු වේයා
පතිනිට සුභ මඔගලම් කියාය
මදනල හිමිහිට පවන් සලායා
පතිනිය පති කුලයට පැමිනේයා

සසරෙත් ඔබ අප ලගම සරායා
මත්කෙට එන විට පෙමින් බැදේයා
දෑතම එක්කොටලයෙහි හොවායා
පිලිගමි සුභ මoගලම් කියා මා...

කවි පබැදුම : සීතා මැණිකේ හේරත්
දැතවවත්ත දීකිරිකෑව