Pages

Saturday, January 12, 2013

ශිරානි මැතිනියට රිසානාගෙන් පාඩමක්



මෑත කාලීන දේෂපාලන හැසිරීම් දෙස සලකා බලන විට සුදු හුනු ගෑමේ සිට මඩ අතේ ගා ගැනීම සහ මඩේ බැසීම හුදු දේෂපාලන අභිනයන් පමනක්ද? යන්න සොය බැලීම කරනවාට වඩා ලෝක නීතියේ හැසීරීම කවර ලෙස අපට බලපාන්නේද යන්න සලකා බැලීම වටිනවා යන්න මාගේ හැගීමයි. ඒ මක් නිසාදයත් ලෝකයේ ප්‍රභල ආගමික නීතියක් වන මුස්ලිම් නීතියෙන් සහ මුස්ලිම් නීතියේ හැසිරීම් වලින් අප තව කොපමන ඉගෙන ගන්න තිබේද යන්න අපට ඔප්පු කරන කාරනා කීපයක් පසුගිය දින කීහිපය තුල දකින්නට ලැබුන නිසාය. ඒ එක් කරුනක් නම් එරට අධිකරනයේ ස්වාදීනත්වය  සහ සමානාත්මතාවයයි. පැහැදිලිවම මෙහිදි රිසානා යනු මුස්ලිම් භක්තිකාවක් වීමද සැලකිල්ලට භාජනය කිරීම වටී. ඒ කුමකටද යන්න නීතිය සැමටම පොදුය යන්න හුවා දැක්වීමටය. වහසි බස් දෙඩීම දේෂපාලනයට තරම් වුවද නීතියට තරම් නොවන බව මෙහි දක්නට ලැබුනු තවත් විශේෂත්වයකි. මක්නිසාදයත් ඕනෑම ජරා වැඩක් පිටුපස නීතියේ නිසි ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට උපන් හපන් අපේ දේශපාලන බයියලාට මේ නීතියේ අතුල් පහර සැර වැඩිද කියා මට සිතේ ඒ සවුදි රජුගේ ක්‍රියාකලාපයයි. ඒ ගමේ ගොඩේ වැදගත් භාෂාවෙන් කියනවා නම් කොල්ලනේ මම අධිකරනයේ වැඩ වලට ඇගිල්ල ගහන්න යන්නේ නෑ කියන එකයි. කෙසේ නමුත් හොද හෝ නරක පසෙකලා මේ නීති ක්‍රමය තුල තවම අතර මO වනවාට වඩා ජනතා පරමාධිපත්‍ය හිමි වන්නේ පාර්ලිමේන්තුවටද විදායකයටද, නැත්නම් අසරන ජහමනයාටද යන්න තේරුම් කර ගැනීම වටී.

2 comments:

  1. //ලෝකයේ ප්‍රභල ආගමික නීතියක් වන මුස්ලිම් නීතියෙන් සහ මුස්ලිම් නීතියේ හැසිරීම් වලින් අප තව කොපමන ඉගෙන ගන්න තිබේද යන්න //

    ම්ලේච්ඡ එඬේර නිති වලින් ප්‍රජාතන්ත්‍රවාදි රටකට අමුතුවෙන් ඉගෙන ගන්නට දෙයක් නැත . ඕනැම ප්‍රජාතන්ත්‍රවාදි රටක රාජ්‍ය නායකයා සතුව අධිකරණය ඉක්මවා යන බලයක් ඇත (ශ්‍රි ලංකාවේ එය වුවමනාවටත් වැඩි වන අතර , පසුගිය දිනවල රඟ දැක්වුයේ ශ්‍රි ලාංකීය දේශපාලනයේ ස්වාභාවික "මැර " කමයි ) . මෙවන් බලයක් රාජ්‍ය නායකයා සතුවීම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදි අත්‍යාවශ්‍යය . එවන් බලයක් නැති ගොබ්බ රජෙක් සිටීම සෞදියේ අඩුපාඩුවක් මිස සාධනීය දෙයක් නොවේ . මරණ දණ්ඩනයක් අවලංගු කල හැකි අධිකරණ බලය සහිතා රාජ්‍ය නායකයින් සිටිනා ප්‍රජාතන්ත්‍රවාදි රටවල එම බලය භාවිතා කරන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවකදී මිස හිතුමනාපයට නොවේ . එය දේශපාලන සදාචාරයයි !

    ReplyDelete
  2. ඔබේ වටිනා අදහාසට මා ගරු කරමි රටක සදාචාරය යනු ජනතාව හොද යයි පිලි ගන්නා තත්වයන් යන්න මාගේ අදහසයි කවර ජාතිකත්වයක් වුවද මරන දඩුවම සාදාරනීකරනය නොකරමි. මා ඔබගේ විමසුමට භාජනය කරන්නේ අධිකරන ස්වාධීනත්වය උදෙසා ජනතාවගේ කාර්‍යභාරයය විනා අන් කිසිවක් නො වේ. එය හුදු කල්පිතයක් නොවීමට ජනතාවගේ කර්‍යභාරය මනා ලෙස ඉටුකල යුතු බවයි.

    ReplyDelete