Pages

Tuesday, March 5, 2013

දුමින්ද දැන් සිටින්නේ මෙහෙමලු



ජීවිතය කියන්නේ තන අග ගලා ගිය පිනි බිදුවක් වගේ කියන කාරනවට තවත් උදාහරනයක් තමයි මේ...
එදා තරුන අභියෝගාත්මක ජනප්‍රිය දේශපාලනයක යෙදුනු දුමින්ද සිල්වා මැතිතුමා අද ලෙඩ ඇදක වැතිරිලා ජීවිතය ඉල්ලන තත්වයට පත් වෙලා. බලය කියන නිර්නායකයේ භාවිතාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා ඒවගේම එදා සුකුමාර සුපෝකභෝගී ජීවිතයට හුරු වෙලා හිටපු මොතුමාට අද මේ දයිවයේ සරදමකට ලක්වෙන්න සිදුවීම ඇත්තටම ස්වභාව දර්මයේ රීතියට යටත් වෙන්න සිදු වීමක්ද කියලා හිතෙනවා. කොහොම නමුත් ජීවිතය සකස් කර ගන්න මෙතුමා දුන්න ආදර්ශය නම් ඉතාම වටිනවා. ඒත් කාරනයක් කියන්න ඔනෙ මිනිසා බිහිව ඇත්තේ මිනිසාට සේවය කිරීම සදහා මිස..........
මිනිසාගේ ගමන ආපස්සට හැරවීමට නොවේ..............

අපි ඔහුට යහපත් ජීවිතයක් ගතකිරීමට ඉක්මන් සුවය පතමු...

Thursday, February 28, 2013

ආදරය සුන්දර වරදකි.


ආදරය සුන්දර වරදකි.

බොහොම කාලෙකට පස්සේ මටත් හිතුනා පේස්ට් එකක් ලියන්න වෙනදා වගේ නෙමේ දැන් ගොඩක් බිසි ඒක නිසා බ්ලොග් වලට ලියනවා තියා රැවුල කපා ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ ඒත් ඉතින් හැම දේම වෙනස් වෙන ලෝකේ බිසි එකටත් නිදහසක් අරගෙන මල් සරා මාමා හොරෙන්ම මටත් විද්දා මල් දුන්නෙන් ඊතල හතර පහක්ම ලෝකය ගැන ගැඹුරු විදියට බලන්න පුරුදු වෙලා හිටපු මටත් උනා නොවැ ඒ කරනා පැත්තකින් තියලා ඔටුවෙක් වෙන්න. සින්හලෙන්ම කියනවා නම් සප්ත මහා සාගරය, කයිලාස කූටය අතරෙ නරියෙක් වෙලා හිටපු මේ මා නැමැති පoචස්කන්දයට ඇ ඉදිරියේ හාවෙක් වෙන්න උනා. කොටින්ම කියනවා නම් මම දැන් පෙම්වතෙක් පිලිවෙලට අදින්න පලදින්න , කතාව බහ විතරක් නෙමේ ගමන් විලසයත් මේකි නොකි සියලුම දෑ දැන් ඉතින් ලතාවකට කරන්න වෙලා. හැම දේම වෙනස් වෙලා. ඇත්තටම දැන්නම් මට හිතෙනවා ආදරය සුන්දරම වරදක් මද කියලා. මොකද ජීවිතය ඔහේ යනකොට වසන්තය මගෙන් දුරස් උනා එතකොට මම වසන්තය මුදල් වලට භාර දුන්නා වසන්තයට මම ලොකු මුදලක් ගෙව්වා. නමුත් පමාවු වසන්තය මාව හොයා ගෙන එනකොට මම ඒක තුරුලු කර ගත්තා. දැන් මම සදාකාලික පෙම්වතෙක් එ ඔබ නිසා ඔබගේ ආදරය නිසා, පැහැදිලිවම මම දන්නවා ඔයාව මගේ කර ගන්න මම ඔනම දෙයක් කරනවා එහෙම වුනොත් ඇත්තටම ආදරය සුන්දරම වරදක් නේද?  

Wednesday, February 13, 2013

වැලන්ටයින් වලට පෙර වදනක්




ආදර වන්තෙයො වැඩියෙන්ම සතුටු වෙන දවසක් තමයි වැලන්ටයින් කියන්නේ බොහොමයක් ආදර වන්තයො වන්තියෝ  මේ වැලන්ටයින් එනකල් ඇගිලි ගැන ගැන ඉන්නේ තමන්ගේ තමුන්ගේ ආදරය ප්‍රකාශ කරන්න, ආදරය කරන්න, ආදරය ලබන්න සහ මේ වටා ගෙතුනු තවත් බොහෝ දේවල් තියනවා. කෙසේ නමුත් මේ වගේ දවසක් ආදරවන්තයන්ට තියන එකත් වරදක් නැහැ. නමුත් අපිට ටිකක් මේ දවසේ භාවිතාව ගැන තව ටිකක් කල්පනා කරන්න ඔනේ කියන එක ගැන නම් සිතන්න වෙනවා. මොකක්ද මේ වැලන්ටයින් යතාර්තය කියන එක, ඇත්තම කියනවා නම් අපිට හෙට දවස දකින්න වෙලා තියෙන්නේ බාල්දු වූ සමාජයක අපකීර්තිමත් ආදර වන්තයෝ විදියට. මොකද අද මෙක තනිකරම රාගය හා වෙලද වටිනාකම් පදනම් වෙලා තියන දවසක් කරන්න බොහෝ දෙනෙක් දායක වෙලා තියනවා.

බොහොම  සුන්දර මෙ ආදරණීය හැගීම ආල වට්ටම් දාලා තවත් සුන්දර කරන එක නම් වරදක් නෑ. නමුත් ඒක එක්කෝ රාගය ආශාව ඉස්මතු කරන විදියට හුවා දක්වන එක කරන්න අද බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. සිoහලෙන්ම කියනවා නම් අපේ ආදරණීය හැගීම අපට පවුද්ගලික දෙයක් මිසක් එක පොදු දෙයක් කර නොගන්න ආදර වන්තයෝ උත්සාහ කරනවා නම් හොදයි. අනෝක් කාරනය තමයි තමුන්ගේ ආදරයේ පිරිවැය මැනීම.  ඇත්තටම කතා කරනවා නම් ආදරයට අද ලොකු පිරිවැයක් දරන්න වෙලා තියනවා. ඒ රෝස මලේ සිට ඉන් එහාට ගිය බිත්ති හතර පවා මේ දිනයේ හොද හොද ගනන් වලට විකිනෙනවා. ආදරය අන්ධයි කියනවා වගේ මේ රතු පාට මලට ලොකු ගානක් ගෙවන්නත් ආදර වන්තයො මේ දිනයට පැකිලෙන්නේ නෑ. නමුත් සරලව කියනවා නම් ආදරය කියන්නේ සිතෙ ඇතිවන පහන් හැගීමක් මිසක් මුදල් වියදම් කරලා ගන්නවත් මුදලින් දෙන්නවත් පුලුවන් දෙයක් නෙමේ.

ඉතින අපි උත්සාහ කරමු මේ එලබෙන ආදරවන්තයන්ගේ දවසෙදි වත් අපේ ආදරය පවුද්ගලිකව ප්‍රකශ කරන්න. ඒවිට ඒක අපේ ආදරය අමරණීය වෙන්න හේතුවක් වෙවි

Saturday, January 12, 2013

ශිරානි මැතිනියට රිසානාගෙන් පාඩමක්



මෑත කාලීන දේෂපාලන හැසිරීම් දෙස සලකා බලන විට සුදු හුනු ගෑමේ සිට මඩ අතේ ගා ගැනීම සහ මඩේ බැසීම හුදු දේෂපාලන අභිනයන් පමනක්ද? යන්න සොය බැලීම කරනවාට වඩා ලෝක නීතියේ හැසීරීම කවර ලෙස අපට බලපාන්නේද යන්න සලකා බැලීම වටිනවා යන්න මාගේ හැගීමයි. ඒ මක් නිසාදයත් ලෝකයේ ප්‍රභල ආගමික නීතියක් වන මුස්ලිම් නීතියෙන් සහ මුස්ලිම් නීතියේ හැසිරීම් වලින් අප තව කොපමන ඉගෙන ගන්න තිබේද යන්න අපට ඔප්පු කරන කාරනා කීපයක් පසුගිය දින කීහිපය තුල දකින්නට ලැබුන නිසාය. ඒ එක් කරුනක් නම් එරට අධිකරනයේ ස්වාදීනත්වය  සහ සමානාත්මතාවයයි. පැහැදිලිවම මෙහිදි රිසානා යනු මුස්ලිම් භක්තිකාවක් වීමද සැලකිල්ලට භාජනය කිරීම වටී. ඒ කුමකටද යන්න නීතිය සැමටම පොදුය යන්න හුවා දැක්වීමටය. වහසි බස් දෙඩීම දේෂපාලනයට තරම් වුවද නීතියට තරම් නොවන බව මෙහි දක්නට ලැබුනු තවත් විශේෂත්වයකි. මක්නිසාදයත් ඕනෑම ජරා වැඩක් පිටුපස නීතියේ නිසි ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට උපන් හපන් අපේ දේශපාලන බයියලාට මේ නීතියේ අතුල් පහර සැර වැඩිද කියා මට සිතේ ඒ සවුදි රජුගේ ක්‍රියාකලාපයයි. ඒ ගමේ ගොඩේ වැදගත් භාෂාවෙන් කියනවා නම් කොල්ලනේ මම අධිකරනයේ වැඩ වලට ඇගිල්ල ගහන්න යන්නේ නෑ කියන එකයි. කෙසේ නමුත් හොද හෝ නරක පසෙකලා මේ නීති ක්‍රමය තුල තවම අතර මO වනවාට වඩා ජනතා පරමාධිපත්‍ය හිමි වන්නේ පාර්ලිමේන්තුවටද විදායකයටද, නැත්නම් අසරන ජහමනයාටද යන්න තේරුම් කර ගැනීම වටී.

Monday, January 7, 2013

පරමාධිකාර පහීන හා නීතිය

පරමාධිකාර පහීන හා නීතිය

නීතිය යනු රටේ පරමාධිපත්‍ය හිමි ජනතාව විසින් රට පාලනය කල යුත්තේ කෙසේද හා අත්තනෝමතික නොවී නීතියේ ආදි පත්‍ය රකිමින් රට ගමන් කල යුතු ආකාරය පෙන්වන දර්ශකයකි. (එනම් රටක් පාලනය කරන මුලික මූල දර්ම සමූහයයි . නීතියේ පාලනය මිනිසුන්ගේ පාලනයෙන් වෙනස් වන්නේ නිසි ක්‍රියා දාමයකින් තොරව කිසිම පුද්ගලයකු වැරදි කරු නොකල යුතු බැවිනි. එනම් කිසියම් පුද්ගලයකු වැරදි කරු කිරීමට පෙර අවශ්‍යතා කීපයක් තෘප්ත කල යුතුය. (ස්වාභවික යුක්ති මූල දර්ම යටතේ)
01. තමන්ගේ නඩුව තමන් නොඇසිය යුතුය.
02. විනිෂ්චය කරු අපක්ෂපාති විය යුතුය.
03. සාදාරන නඩු විභාගයක් පැවැත්විය යුතුය.
මෙලෙස පරිපාලන හෝ විධායක ක්‍රියාවක් නිසා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් කඩ වන විට පුද්ගලයන් හට ලබා ගත හැකි එක් සහනයක් ලෙස පරමාධිකාරි පහින නැතිනම් රිට් ආක්නා හැදින්විය හැක.

Saturday, January 5, 2013

අවුරුදු 65දී සුපිරි නිවසක් ඉදිකල සුපිරි අම්මා



අවුරුදු 65දී සුපිරි නිවසක් ඉදිකල සුපිරි අම්මා

හිත ඇත්නම් පත කුඩාද යන්න අප ජන වහරේ එන අපූරු කියමනකි මෙම කියමන අඩු වැඩි වශයෙන් පෝශනය කරන්නට අපේ කතනායිකාව වන මේ අම්මාට හැකිවීම පිලිබදව මා තුල ඇත්තේ අප්රමාන oතෝශයකි.
ඇය නමින් H M දයාවති මැණිකේ වන අතර කොස්වත්ත ග්රාමයේ ඉපිද හැදී වැඩුනු කාන්තාවකි. ආවහයෙන් පසු කටුනායකට පැමිනි ඇය සැමියාගේ ව්යාපාරික කටයුතු වලට සහය දක්වමින් දරු තිදෙනෙකුගේ මවක් වීමේ භග්යයද ඇයට හිමි විය. එපමනක් නොව තරුන වියේදීම තම සෙනෙහෙබර ස්වාමියාගේ අකල් වියෝවද සිදුවීම යන දෙවයේ සරදමට ලක්ද  වූවාය. නමුත් ඇය නිර්භිතය, සෙනෙහෙබරය, කරුණාබරය, උත්සාහ වන්තය. කිසිම අභියෝගයකට මුහුන දීමට ඇය කිසිම විටක බිය නොවුවාය. නිසාම ඇය පවුලේ ජීවන බර කරට ගත්තේ පවුලේ සියලු වගකීම් වලට නිසිසේ පිලිතුරු සපයමිනි. ඇයගේ දහදිය කදුලු හිරු රශ්මියට වියලුනද ඇයගේ මවු සෙනෙහස කිසිදා සිදුනේ නැත. අම්මාවරුන්ගේ හැටිය. නිසාම තම දරුවන්ගේ ජීවන ගමන සුකිත මුදිත කිරීමට ඇය ජීවිතය සමග පොර බැද්දාය. ව්යාපාරික කාන්තාවක ලෙසිනි. නිසි කලට අවාහ විවාහ කරදී වැඩිමහල් දියණියගේ ස්වාමි පුරුශයාට වය්යාපාරික කටයුතු භාරදී සැනසුම් සුසුමක් හෙලීමට වෙර දැරුවා පමනි.
බෑනගේ තාඩන පීඩන වලට ලක්වීමට ඇයට සිදුවිය. දේපල පවරා දෙන ලෙස ඉල්ලමිනි. ප්රශ්නය කොපමන දුර දිග ගියේද යත් තමාගේ නිවසින් තමාටම ඉවත් වීමටද ඇයට සිදුවිය. කලකිරීමද පසු තැවීමද පපුවට තුරුලු කරගත් ඇය පාරට බැස්සාය. නමුත්  ඇයට උදවු කිරීමටද බෝහෝ දෙනෙක් ඇය පසුපස සිටියාය. මනුස්සකම හදුනන කාරුණික හදවතකින් හෑමටම oග්රහ කල කල තැනැත්තියක් නිසාමය. සුහද ඉල්ලීමි ඇය කාරුණිකව ප්රතිෂේප කලාය. ඇගේ හැටිය. දසදහස් වරක් ඇය පසු තැවීම සමග පොර බැද්දාය. අතර ඇගේ මනසේ කවුලු සෙමින් විවර විය
ගතින් වියපත් වුවත් ඇය සිතින් වියපත් නොවුවාය. තමා නැවත ජීවිතය පටන් ගත යුතුයා යන හැගීම තුල  රැවුපිලි  රැවු දෙන්නට විය. ගලින් ගල මත වැලි සිමෙන්ති ගෙඩ ගැසී නැවත නව නිවසක් ඉදි වන්නට විය. ගෙවුනේ මාස කීපයකි ඉදි වුයේ මරනම් අගනා නිවසකි. නවීන පන්නයට ගොඩ නැගුනු එය මා එතෙක් මෙතෙක් දුර දුටු අගනා නිවසකි. කාරනා දෙකක් නිසාය එනම් වියපත් බව ජීවිතය ජය ගැනීමට බාදාවක් නොවන බව මට පසක් කල නිසාමය. අනෙක නම් ජීවිතයේ ඔනෑම මොහොතක ඕනෑම අභියෝගයකට මුහුන දීමට අපට හැකි බව ඇය අපට පෙන්වා දුන් නිසාය. මා හට සතුටු වීමට තව එක් කරුනක් ඇත ඒ ඈ මාගේ සෙනෙහෙබර ලොකු අම්මා වීමය. අප ඇයට දිගු ජීවිතයකට දිගාසිරි පතමු.